2019 ජුලි 13 වන සෙනසුරාදා

මහ බැංකු අධිපති අස්වෙන්න හදයි

 2019 ජුලි 13 වන සෙනසුරාදා, ප.ව. 12:30 53

I දේශපාලන වාර්තාකරු

ඉදිරි ජනාධිපතිවරණයට පෙර තමන් මහ බැංකු අධිපති තනතුරෙන් ඉවත් වන බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා තීරණය කර ඇතැයි විශ්වාස කටයුතු රජයේ ආරංචි මාර්ග කියයි.

ඉතාමත් පෞද්ගලික හේතු ගණනාවක් නිසා තවදුරටත් තමන්ට මෙම වගකීම දැරිය නොහැකි බැවින් තනතුර අත්හැරීමට අපේක්ෂා කරන බවද ඔහු සඳහන් කර ඇත. ඒ අනුව ලබන ඔක්තෝබර් මාසයට පෙර ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා මහ බැංකු අධිපති ධුරයෙන් ඉවත් වනු ඇතැයි කියැවේ. මෙයට පෙරද ඔහු අවස්ථා ගණනාවකදී තනතුරෙන් ඉවත් වීමට කැමැත්ත ප්‍රකාශ කළද රජයේ ඉල්ලීම මත තනතුරේ රැඳී සිටියේය.

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:01