2019 ජුලි 13 වන සෙනසුරාදා

මෛත්‍රී තරගයට නැත්නම් එජාප - ශ්‍රීලනිප සන්ධානයක්

 2019 ජුලි 13 වන සෙනසුරාදා, ප.ව. 12:30 58

I ගයාන් ගාල්ලගේ

2020 ජනාධිපතිවරණයට ජනාධිපති මෛත්‍රීපාල මහතා ඉදිරිපත් නොවන්නේ නම් ශ්‍රි ලංකා නිදහස් පක්ෂය සමඟ සන්ධාන ගතවීමට එජාපයේ ජ්‍යෙෂ්ඨයන් පිරිසක් සූදානම් බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

එජාපයෙන් ඉදිරිපත් වන ජනාධිපති අපේක්ෂකයාහට ශ්‍රීලනිපයේ සහය ලබාගෙන එම සන්ධානයෙන්ම මහ මැතිවරණයකට ඉදිරිපත්ව සන්ධාන ආණ්ඩුවක් සැකසීම මේ ජ්‍යෙෂ්ඨයන්ගේ අරමුණ වී ඇත.

විශේෂයෙන් ප්‍රබල සන්ධානයක් හරහා රටට ජාතික ප්‍රතිපත්තියක් ඇති කිරීමත් ශක්තිමත් ආණ්ඩුවක් බිහි කිරීමත් අරමුණ බව සඳහන් වේ.

මේ පිළිබඳව එජාපයේ ජ්‍යෙෂ්ඨයන් කිහිප දෙනකු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිරිසක් සමඟ රහසිගත සාකච්ඡා කර ඇත.