2019 ජුලි 13 වන සෙනසුරාදා

තෙල් බාලදැයි බලන්න රට යවයි?

 2019 ජුලි 13 වන සෙනසුරාදා, ප.ව. 12:30 35

I යසවර්ධන රුද්රිගු

ඔක්ටේන් 95 හා 92 යන පැට්‍රල් වර්ගවල ඔක්ටේන් අගය පිළිවෙළින් 88.5 සහ 90.5 බව පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන් විසින් සිදුකරන ලද පරීක්ෂණයකදී අනාවරණය වී ඇති බව පාරිභෝගික අයිතින් සුරුකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ දේශයට පැවසීය.

 තමා පසුගිය මාර්තු මස 20 දින කළ පැමිණිල්ලකට අනුව ඛනිජ තෙල් නීතිගත සංස්ථා රසායනාගාරයේදී මාර්තු 23දා මෙම පරීක්ෂණය සිදුකළ බවද සභාපතිවරයා අනාවරණය කළේය.

ඒ අනුව සනාථ වන්නේ පාරිභෝගිකයා වැඩි මුදලක් ගෙවා මිලදී ගන්නා ඔක්ටෝන් 95 පැට්‍රල් 92 පැට්‍රල්වලටත් වඩා ප්‍රමිතියෙන් පහළ බව යැයි පෙන්වා දෙන සභාපතිවරයා අවධාරණය කරන්නේ මේ නිසා පාරිභෝගිකයා තව තවත් අමාරුවේ වැටෙන බවය.

මේ පිළිබඳ විමසූ විට පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරියකු පැවසුවේ මෙම පරීක්ෂණ පිළිබඳ සෑහීමකට පත්විය නොහැකි නිසා විදේශ රටකට යවා යළිත් සම්පූර්ණ ප්‍රමිති වාර්තාවක් ලබා ගැනීමට විෂයභාර අමාත්‍ය බුද්ධික පතිරණ තීරණය කර ඇති බවය. ඉදිරි පියවර එම වාර්තාව අනුව ගනු ලැබීමට නියමිත බවද ඔහු කීවේය.