2017 මාර්තු 04 වන සෙනසුරාදා

අලුත් පක්ෂ 85ක් ලියාපදිංචිය ඉල්ලයි

 2017 මාර්තු 04 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 39


අලුතින් ලියාපදිංචි වීම සඳහා පක්ෂ 85කින් අයැදුම් පත්‍ර තමා වෙත ලැබී ඇතැයි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා දේශයට පැවසීය.

අයැදුම්පත් බාරගැනීම පසුගිය 28 වැනිදා මධ්‍යම රාත්‍රි 12න් නිම වූ බවත් ඒ වනවිට කොමිසමට පැමිණ සහ තැපැල් මාර්ගයෙන් ලැබුණු අයැදුම්පත්‍ර 85ක් තිබුණු බවත් සඳහන් කළේය. 

එහෙත් 28 වැනිදායින් පසුවද තැපැල් ඔස්සේ අයැදුම්පත්‍ර කිහිපයක් ලැබී තිබේ. එම අයැදුම්පත්‍ර සම්බන්ධයෙන් ඉදිරියේදී කොමිසමේ නිලධාරින් එක්ව අවසන් තීරණයක් ගන්නා බව දේශප්‍රිය මහතා කීය.

I ගයාන් ගාල්ලගේ