2017 මාර්තු 04 වන සෙනසුරාදා

සයිටම් මාපිය සංසදය දෙකඩ වෙයි

 2017 මාර්තු 04 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 59



මාලබේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ සිසු දරු දැරියන්ගේ දෙමාපිය සංසදය දෙකඩ වී ඇත. ගැමුණු විජේරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති දෙමාපිය සංසදයෙන් ඉවත් වූ විද්වත් වෘත්තිකයන් පිරිසක් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලීය දෙමව්පිය සමිතිය නමින් නව සංවිධානයක් පසුගියදා පිහිටුවා ගත්තේය. එහි ලේකම් ධූරයට නීතිඥ අනුරාධ ධනරත්න මහතා පත්කර ගනු ලැබීය.

නව සංවිධානය විසින් සයිටම් ප්‍රශ්නය සම්බන්ධව නිකුත් කළ විශේෂ ප්‍රකාශය මගින් අවධාරණය කරන්නේ රජය සයිටම් ගැටලුව විසඳීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් අවශ්‍ය බවට තීරණය කළහොත් තම සංවිධානය ඊට ඉඩ නොදෙන බවය.

වෛද්‍ය වෘත්තිකයන්ට සිය ඒකාධිකාරී බලය තහවුරු කිරීම සඳහා වෛද්‍ය සභාවේ බලතල ව්‍යවස්ථාපිත කළහොත් එයින් සිදුවන්නේ මානව හිමිකම් පිළිබඳව එක්සත් ජාතින්ගේ ප්‍රඥප්තියේ 26 වැනි ව්‍යවස්ථාව අනුව සහතික කර ඇති සියලු දෙනාට අධ්‍යාපනය ලැබීමට ඇති සම අයිතිය අහෝසි වන බව යැයි සංගමය කියයි. එසේම ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 ජී වගන්තිය අනුව ඕනෑම වෘත්තියක නියැලීමට ඇති අයිතිවාසිකමද සීමා වන අතර සයිටම් ශිෂ්‍යයන්ට ඉගෙනීමට ඇති අයිතිය සහ නිදහස නැති කිරීමට විවිධ පාර්ශවයන් ගෙනයන ක්‍රියාමාර්ග පරාජය කළ යුතු බවද කියයි.

සයිටම් ආයතනය පිළිබඳ පසුගියදා නිකුත් වූ නඩු තීන්දුවෙන් අභියාචනාධිකරණය තීරණය කර ඇත්තේ වෛද්‍ය උපාධිය ප්‍රදානය කළ හැකි ආයතන සම්බන්ධයෙන් වෛද්‍ය සභාවේ අනුමැතිය අවශ්‍ය නොවන අතර එහි කාර්යයභාරය විය යුත්තේ එවැනි ආයතන පිළිබඳ උසස් අධ්‍යාපන ඇමැතිවරයාට නිර්දේශ ඉදිරිපත් කිරීම පමණක් බවය. උපාධි ප්‍රදානය පිළිබඳ සියලු බලතල උසස් අධ්‍යාපන ඇමැතිවරයා සතු බවද නිවේදනයෙන් කියයි.

I යසවර්ධන රුද්රිගු

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:01