2019 ජුලි 06 වන සෙනසුරාදා

ජවිපෙන් එන්නේ හිටපු විගණකාධිපති ගාමිණී විජේසිංහ?

 2019 ජුලි 06 වන සෙනසුරාදා, ප.ව. 12:30 743

I ගයාන් ගාල්ලගේ

ප්‍රගතිශීලි කඳුවුර නියෝජනය කරමින් ජනතා විමුක්ති පෙරමුණ විසින් ගෙන ඒමට යන පොදු අපේක්ෂකයා හිටපු විගණකාධිපති ගාමිණි විජේසිංහ මහතා බව කොළඹ දේශපාලන කරළියේ ආරංචි පැති‍රෙමින් තිබේ.

මේ දිනවල ජනතා විමුක්ති පෙරමුණත් ගාමිණි විජේසිංහ මහතාත් එකම දේශපාලන වේදිකාවක එකම දේශපාලන දහරාවේ ගමන් කරමින් සිටින නිසා මේ ආරංචිය පැතිරෙමින් පවතින බව දැනගන්නට ඇත.

විශේෂයෙන් හිටපු විගණකාධිපතිවරයා ආණ්ඩුවේ දූෂණ වංචාවලට එරෙහිව සිය තනතුර දරණ සමයේදී මෙන්ම විශ්‍රාම ගොස් සිටියදීත් එල්ල කරන ප්‍රහාර හේතුවෙන් ඔහු ප්‍රගතිශීලි කඳවුරට නායකත්වය දීමට යන ජනතා විමුක්ති පෙරමුණේ පොදු අපේක්ෂකයා විය හැකි බව බොහෝ දෙනාගේ මතය වී ඇත.

කෙසේ වෙතත් තවම ජනතා විමුක්ති පෙරමුණ විසින් ගෙන එන පොදු අපේක්ෂකයා කවුද යන්න ප්‍රකාශයට පත්කර නොමැත.