2019 ජුලි 06 වන සෙනසුරාදා

හිටපු ආරක්ෂක ලේකම් - පොලිස්පති සිරගත කිරීම අනුමත කරන්න බෑ - පා.ම. උදය ගම්මන්පිළ

 2019 ජුලි 06 වන සෙනසුරාදා, ප.ව. 12:30 32

I දේශපාලන වාර්තාකරු

පාස්කු බෝම්බ ප්‍රහාරයට වගකිවයුත්තන් එළියේ සිටියදී හිටපු ආරක්ෂක ලේකම්වරයා සහ පොලිස්පතිවරයා සිරගත කිරීම කිසිසේත්ම අනුමත කළ නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා දේශයට කීය.

මේ පිළිබඳ සැකකටයුතු තැනැත්තන්, සහරාන් සමඟ ඍජු සබඳතා පැවැත් වූ තැනැත්තන්, අයථා ලෙස වත්කම් රැස්කර ඉඩම් අක්කර දහස් ගණන් අත්පත් කරගත් තැනැත්තන් ගැන පාර්ලිමේන්තු තේරුම් කමිටුවේදීත් පොලිසියට කළ පැමිණිලි මගිනුත් තොරතුරු හෙළිදරව්ව ඇතැයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.

ආරක්ෂක ලේකම් හා පොලිස්පතිට මේ සම්බන්ධයෙන් යම් වගකීමක් තිබුණද සැබෑ අපරාධකරුවන් නිදැල්ලේ සිටියදී මෙලෙස ක්‍රියාකිරීම අනුමත කළ නොහැකි බව හෙතෙම සඳහන් කළේය.

තවත් මාස හතරකින් පමණ පත්වන තම රජයක් යටතේ පාස්කු බෝම්බ ප්‍රහාරයට සැබැවින්ම වගකිවයුත්තන් කවුදැයි සෙවීමට ජනාධිපති කොමිසමක් පත්කොට සැබෑ වැරදිකරුවන් සොයා ඔවුන්ට දඬුවම් ලබාදෙන්නේ යැයිද මන්ත්‍රී ගම්මන්පිල සඳහන් කළේය.

 

 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:00