2019 ජුලි 06 වන සෙනසුරාදා

මංගලගෙන් අද මංගල පියවරක්!

 2019 ජුලි 06 වන සෙනසුරාදා, ප.ව. 12:30 40

I දේශපාලන වාර්තාකරු

මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාගේ දේශපාලන දිවියට වසර 30ක් සපිරීම නිමිත්තෙන් අද (ඉරිදා) මාතරදී පැවැත්වෙන විශේෂ උත්සවයකදී එ.ජා.ප. නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මන්ත්‍රීවරයා පක්ෂයේ ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයා විය යුතු යැයි යෝජනා කිරීමට අපේක්ෂා කරන බව වාර්තාවෙයි.

අමාත්‍ය මංගල සමරවීර විසින්ම වෙබ් මාධ්‍ය ජාලා වෙත නිකුත් කළ විශේෂ ප්‍රකාශයක් මගින් මෙම ප්‍රකාශය අවධාරණය කර තිබිණි. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේද ආශීර්වාදය ඇතිව සජිත් ජනාධිපති අපේක්ෂකත්වය සඳහා ඉදිරිපත් කරන බව අමාත්‍ය මංගල එහිදී වැඩිදුරටත් කියා තිබිණි. මේ සඳහා පැවැත්වෙන උත්සවයට එ.ජා.ප.යේ ජ්‍යෙෂ්ඨයන් රුසකට මංගල විසින් ආරාධනා කරනු ලැබ තිබේ.