2019 ජුනි 22 වන සෙනසුරාදා

වැලිකඩ සීරුවෙන් තබයි: මරණ දඬුවමටද?

 2019 ජුනි 22 වන සෙනසුරාදා, ප.ව. 12:30 103

I දේශපාලන වාර්තාකරු

රජයේ විශේෂ තීරණයක් ක්‍රියාත්මක කිරීමට නියමිත බැවින් සූදානමින් පසුවන ලෙස මේ සතියේ වැලිකඩ බන්ධනාගාරයට ජනාධිපති කාර්යාලයෙන් දැනුම්දීමක් කර ඇතැයි ඉහළ පෙළේ විශ්වාස කටයුතු ආරංචි මාර්ග කියයි.

මෙම විශේෂ සූදානම ජූනි මස 24දා සිට 30 දා දක්වා බලපවත්වන බව ද අදාළ දැන්වීමේ සඳහන් බව කියැවේ.
තහවුරු නොකළ ආරංචි මාර්ග සඳහන් කළේ මෙම කාලය තුළ ජනාධිපතිවරයා විසින් මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට ඉඩකඩ ඇති බවයි. පසුගියදා ඒ සඳහා අලුගෝසුවන් බඳවා ගත්තේය. එයින් සුදුස්සන් ද පුහුණු කර තිබේ. මේ අලුගෝසුවන්ගේ නාම ලේඛනය මෙයට  දින 10කට පමණ පෙර ජනාධිපති කර්යාලය විසින් ලබාගෙන තිබිණි.