2019 ජුනි 15 වන සෙනසුරාදා

තන්තිරිමලේ ලංකාදීප ආලෝක පූජාව 16 වැනි වරටත්

 2019 ජුනි 15 වන සෙනසුරාදා, ප.ව. 12:30 41

I කුසුම්සිරි විජයවර්ධන

විජය පුවත්පත් සමාගමේ අනුග්‍රහයෙන් 16 වැනි වරටත් සංවිධානය කෙරෙන තන්තිරිමලේ ලංකාදීප පොසොන් ආලෝක පූජාව අලංකාර අයුරින් මෙවරත් පැවැත්වේ. ඊයේ (15 දින) ආරම්භ වූ ආලෝක පූජාව අද (16) සහ හෙට (17)ත් පැවැත්වීමට නියමිතය.

විජය පුවත්පත් සමාගමේ සභාපති රංජිත් විජයවර්ධන මහතාගේ සංකල්පයක් මත 2004 දී මුල්වරට පවත්වනු ලැබූ මෙම පින්කම තන්තිරිමලේ රජමහා විහාරාධිපති මල්වතු මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ උතුරු නැගෙනහිර දෙපළාතේ උප ප්‍රධාන සංඝනායක තන්තිරිමලේ චන්දරතන නාහිමියන්ගේ අනුශාසනා මත සංවිධානය කෙරේ. මෙවර පොසොන් සමයට විශාල බැතිමතුන් පිරිසක් තන්තිරිමලේ වන්දනාවට පැමිණෙනු ඇතැයි බලාපොරොත්තු වන බවද චන්දරතන නාහිමියෝ පැවැසූහ.

වාර්ෂිකව අඛණ්ඩව සංවිධානය කෙරෙන ලංකාදීප පොසොන් ආලෝක පූජාවට සමගාමීව විජය පුවත්පත් සමාගමේ ප්‍රජා සත්කාරක වැඩසටහන් ගණනාවක්ද සංවිධානය කර තිබේ. අද පොසොන් පොහෝදින (16) පැවැත්වෙන ආලෝක පූජාවේ විවෘත කිරීමේ අවස්ථාව ජාතික රූපවාහිනිය ඔස්සේ සජීවීව විකාශය කෙරේ.