2019 ජුනි 15 වන සෙනසුරාදා

ලබන සතියේ ඇමැතිකම් භාරගන්නවා

 2019 ජුනි 15 වන සෙනසුරාදා, ප.ව. 12:30 27

I ගයාන් ගාල්ලගේ

එළඹෙන සතියේ අග්‍රාමාත්‍යවරයා මෙරටට පැමිණීමෙන් පසු සාකච්ඡා කොට මුස්ලිම් ඇමැතිවරුන් නැවත තම අමාත්‍යධූර ලබාගන්නා බව හිටපු අමාත්‍ය එම්.එච්.ඒ හලීම් මහතා දේශයට පැවසීය.

මහනායක හිමිවරු ඇතුළු බහුතරයක් දෙනාගේ ඉල්ලීම නිසාත් රටේ පවතින තත්ත්වය සාමකාමී වී ඇති නිසාත් නැවතත් අමාත්‍යධූර බාරගන්නා බව හෙතෙම සඳහන් කළේය.

තමන් ඇතුළු කණ්ඩායම ඇමැති ධූරවලින් ඉවත් වූයේ අදාළ පරීක්ෂණ නිවැරදිව ස්වාධීනව සිදුකිරීමට ඉඩ ලබාදීමට බවත් එසේ නොමැතිව කිසිදු අයකු බේරා ගැනීමේ අදහසින් නොවන බවත් හලීම් මහතා කීය.