2019 ජුනි 15 වන සෙනසුරාදා

ජනමත විමසුමක්: නීතිපතිගේ මතය විමසයි

 2019 ජුනි 15 වන සෙනසුරාදා, ප.ව. 12:30 51

I දේශපාලන වාර්තාකරු

ආණ්ඩුව සහ ජනාධිපතිවරයා අතර හටගෙන තිබෙන බරපතළ දේශපාලන අර්බුදය උග්‍රවීමත් සමඟ පවත්නා ව්‍යවස්ථානුකූල තත්ත්වය තුළ හදිසි මහ මැතිවරණයකට යාහැකිදැයි සිය නෛතික මතය ඉදිරිපත් කරන ලෙස ජනාධිපතිවරයා නීතිපතිවරයාට දැනුම්දී තිබේ.

මෙයට දින කිහිපයකට පෙර ජනාධිපතිවරයා මෙම දැනුම්දීම කරමින් නීතිපතිගෙන් විමසා තිබුණේ ව්‍යවස්ථාවේ කුමක් සඳහන්ව තිබුණත් හදිසි ජනමත විමසුමක් තබා එයින් ජනතා අනුමැතිය ලබාගෙන මහ මැතිවරණයකට යාමට නෛතික බාධාවක් තිබේද කියායි.

ජනාධිපතිවරයාගේ මෙම ඉල්ලීම ගැන මේ දිනවල නීතිපති දෙපාර්තමේන්තුව විශේෂ අධ්‍යයනයක් කරමින් සිටින අතර ලබන සතිය වනවිට නීතිපතිවරයා සිය මතය ජනාධිපතිට ඉදිරිපත් කරනු ඇතැයි දැනගන්නට තිබේ.