2019 ජුනි 01 වන සෙනසුරාදා

සංවර්ධන වියදමෙන් තුනෙන් එකක් කපයි

 2019 ජුනි 01 වන සෙනසුරාදා, ප.ව. 12:30 35

I ව්‍යාපාරික වාර්තාකරු

2019 අයවැය ලේඛනයෙන් රටේ සංවර්ධන කටයුතු සඳහා වෙන්කර ඇති ප්‍රාග්ධන වියදමෙන් 30 %ක් කපා හරින ලෙස මහා භාණ්ඩාගාරය සියලුම අමාත්‍යාංශවලට දැනුම් දී ඇතැයි මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග ප්‍රකාශ කරයි.

අයවැයේ ඇස්තමේන්තු අනුව 2019 වසර සඳහා වෙන්කර තිබෙන ප්‍රාග්ධන වියදම රුපියල් බිලියන 756ක් පමණ වෙයි.
එයින් 30%ක් කපා දමා අත්‍යවශ්‍ය සංවර්ධන කටයුතු පමණක් ආරම්භ කරන ලෙසද මෙම දැනුම්දීම මගින් අමාත්‍යාංශ වෙත දන්වා ඇතැයි (දේශය)ට වාර්තා වෙයි.