2019 ජුනි 01 වන සෙනසුරාදා

රට සිගරැට් ගෙන්වීමට අයැදුම්පත් 50ක්

 2019 ජුනි 01 වන සෙනසුරාදා, ප.ව. 12:30 29

I ගයාන් ගාල්ලගේ

සිගරුට් ආනයනය කිරීම සඳහා අවශ්‍ය අවසරය ඉල්ලා ව්‍යාපාරිකයන් පනස් දෙනෙකු පමණ සිය අයදුම් පත්‍ර මුදල් අමාත්‍යංශය වෙත යොමුකර ඇතැයි රජයේ ආරංචි මාර්ග පවසයි.

මෙයට පෙර සිගරුට් ආනයනය තහනම් කර තිබුණද 2018 වසරේ අය වැය යෝජනාවකට අනුව සිගරට් ආනයනය කිරීම සඳහා අවසර ලබාදීමට රජය තීරණය කර ඇත. පසුව එම තීන්දුව ක්‍රියාත්මක නොකර අත්හිටුවා තිබිණි. නමුත් පසුගියදා හදිසියේ නැවතත් සිගරුට් ආනයන බලපත්‍ර ලබාදීම පිණිස අයදුම් පත්‍ර කැඳවා ඇතැයි සඳහන් වේ.

කෙසේ වෙතත් දැනගන්නට ඇති පරිදි මෙවර එක් ව්‍යාපාරිකයකු සඳහා අවසර ලබාදීමට නියමිතව ඇතැයි මුදල් අමාත්‍යංශ ආරංචි මාර්ග පවසයි.