2019 ජුනි 01 වන සෙනසුරාදා

වතුකරයේ අලුත් දේශපාලන පෙරමුණු කතා සාර්ථකයි

 2019 ජුනි 01 වන සෙනසුරාදා, ප.ව. 12:30 28

I දේශපාලන වාර්තාකරු

ඉදිරි ජනාධිපතිවරණය ඉලක්ක කරගෙන වතුකරයෙන් අලුත් දේශපාලන පෙරමුණක් බිහි කිරීමේ සාකච්ඡා සාර්ථක වී ඇතැයි (දේශය)ට වාර්තා වෙයි.

අප වෙත ලැබෙන වාර්තා අනුව මෙහි නායකත්වය දරනු ඇත්තේ ලංකා කම්කරු කොංග්‍රස නායක ආරුමුගම් තොණ්ඩමන් මහතාය. දැනට වතුකර මන්ත්‍රීන් දෙදෙනකු සිටින කඳුරට ජනතා පෙරමුණේ නායක එස්. රාධා ක්‍රිෂ්ණන් අමාත්‍යවරයා ඊට එක්කර ගැනීමට සිදුකළ සාකච්ඡා සාර්ථක බව වතුකර දේශපාලන ආරංචි මාර්ග කියයි. ඊට අමතරව අමාත්‍ය මනෝ ගනේෂන්ගේ සොහොයුරු හිටපු මන්ත්‍රී ප්‍රභා ගනේෂන් මහතාද ඊට එක්වන බවට ප්‍රතිඥා දී තිබේ. ඔහු පසුගියදා තමන් මෙතෙක් දැරූ රජයේ උපදේශක පදවියෙන්ද ඉල්ලා අස්විය.

ඉදිරි ජනාධිපතිවරණයේදී තමන්ගේ කොන්දේසි සපුරන ප්‍රධාන පක්ෂයකට සහාය දීමේ අරමුණින් නව පෙරමුණ බිහිකෙරෙන බව කියැවේ.