2019 මැයි 25 වන සෙනසුරාදා

ඇමැති රිෂාඩ්ගෙන් රහස් ලියුමක්

 2019 මැයි 25 වන සෙනසුරාදා, ප.ව. 12:30 1556

I දේශපාලන වාර්තාකරු

තමන්ට එරෙහිව මැතිසබයට ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් සැකසූ රහසිගත ලිපියක් අමාත්‍ය රිෂාඩ් බදුයුදීන් විසින් පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම සුළු පක්ෂ නායකයන් වෙත යවා ඇත. විශ්වාසභංගයට ඡන්දය ප්‍රකාශ කිරීමට පෙර තමන් සැකසූ මෙම රහස්‍ය ලේඛනය කියවා බලන ලෙස ඔහු අදාළ පක්ෂ නායකයන්ට ආයාචනා කර තිබේ. බෞද්ධ ධර්ම පාඨද උපයෝගී කරගෙන සැකසූ මෙම රහස්‍ය ලියැවිල්ල ඒකාබද්ධ විපක්ෂය වෙත යොමුකර නැත.

පිටු 15කින් සමන්විත මෙම ලේඛනය තුළින් අමාත්‍ය බදුයුදීන් තමන්ට එල්ල වූ චෝදනාවලට පිළිතුරු සපයන අතර ඒකාබද්ධ විපක්ෂයට පැවැති රාජපක්ෂ රජයට හා ඇතැම් ජනමාධ්‍යවලට දැඩි ලෙස පහර එල්ල කර ඇත.

මෙම රහස්‍ය ලේඛනය මගින් ඔහු සුළු පක්ෂ නායකයන්ගෙන් ඉල්ලා ඇත්තේ තේරීම් කාරක සභාවක් මගින් තමන්ට එරෙහිව ඉදිරිපත් කර තිබෙන චෝදනා විභාග කර තීන්දුවක් ලබා දෙන ලෙසය.