2019 මැයි 25 වන සෙනසුරාදා

මුස්ලිම් මැති ඇමැතිවරුන්ගෙන් කතානායකට සංදේශයක්

 2019 මැයි 25 වන සෙනසුරාදා, ප.ව. 12:30 37

I ගයාන් ගාල්ලගේ

සිංහල සහ මුස්ලිම් ජනතාව අතර ඇතිව තිබෙන අර්බුදකාරී තත්ත්වය සමනය කිරීම සඳහා පාර්ලිමේන්තුව මගින් වැඩපිළිවෙළක් සකස් කරන ලෙස ඉල්ලා මැතිසබය නියෝජනය කරන මුස්ලිම් මැති ඇමැතිවරුන් පිරිසක් කතානායකවරයා වෙත ඉදිරියේදී සංදේශයක් භාරදීමට කටයුතු සම්පාදනය කර ඇතැයි සඳහන් වේ.

අදාළ මැති ඇමැතිවරුන් ඊට පෙර එකට එක්වී සාකච්ඡා කොට එකඟතාවයකට පැමිණ යෝජනා මාලාවක් සකස් කරන බව ඊට සම්බන්ධ මන්ත්‍රීවරයෙක් දේශයට පැවසීය. මේ සඳහා ආණ්ඩු පක්ෂයේ මෙන්ම විපක්ෂයේ සිටින මුස්ලිම් මන්ත්‍රීවරුන්ද සම්බන්ධ කරගන්නා බව එම මන්ත්‍රීවරයා දේශයට පැවසීය.