2017 පෙබරවාරි 25 වන සෙනසුරාදා

පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ඕනෑ!

 2017 පෙබරවාරි 25 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 457


ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ප්‍රමිතිවලට අනුකූලව පිහිටුවනු ලබන පෞද්ගලික වෛද්‍ය විද්‍යාලවලට අවසර දියයුතු බව තමන්ගේ මතය යැයි ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති මහාචාර්ය කාලෝ ෆොන්සේකා ප්‍රකාශ කරයි.

එය වෛද්‍ය සභාවේ අදහස නොව තම පෞද්ගලික මතය බවද මහාචාර්යවරයා සඳහන් කරයි. කොළඹ නව නගර ශාලා ශ්‍රවණාගාරයේදී පසුගියදා පැවැති වෛද්‍ය ශාන්ත හෙට්ටිආරච්චිගේ රට-කට සහ හෙට පොත එළිදැක්වීමේ උළෙලේදී මහාචාර්යවරයා මෙම අදහස පළ කළේය. 

සයිටම් ආයතනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා වෛද්‍ය සභාව මගින් ගන්නා ලද්දේ නිවැරුදි තීන්දුවක් බවත් එය වෛද්‍ය සභාවේ නිර්නායකවලට කිසිසේත් අනුකූලව ක්‍රියා නොකරන ආයතනයක් බවත් පැවැසූ මහාචාර්යවරයා කවුරු කෙසේ කීවත් සයිටම් ආයතනයට ක්‍රියාත්මක වීමට ඉඩ නොදෙන බවද කීය.

ශ්‍රී ලංකාව තුළ වෛද්‍ය අධ්‍යාපනයට සුදුසුකම් ලබන එහෙත් රාජ්‍ය විශ්වවිද්‍යාල වෛද්‍ය පීඨ තුළ පවතින දැඩි තරගකාරීත්වය හේතුවෙන් එම අවස්ථාව අහිමිවන සිසුන්ගේ ගැටලුවලට ඉහළ ප්‍රමිතියකින් යුත් පෞද්ගලික වෛද්‍ය විද්‍යාල බිහිවීම  විසඳුම වන බවද මහාචාර්යවරයා සඳහන් කළේය. එක හා සමාන උසස් පෙළ ප්‍රතිඵල ඇති එහෙත් දිස්ත්‍රික්ක පදනම හේතුවෙන් වෛද්‍ය විද්‍යාලවලට ඇතුළු වීම අහිමි වන සිසු දරුවන්ගේත් ඔවුන්ගේ මාපියන්ගේත් මානසික තත්ත්වය තේරුම් ගැනීම අවශ්‍ය බව තමන්ගේ මතය යැයිද ඔහු ප්‍රකාශ කළේය.

මහාචාර්ය කාලෝ ෆොන්සේකාගේ සභාපතිත්වයෙන් යුත් ශ්‍රී ලංකා වෛද්‍ය සභාව වෛද්‍ය පීඨ අටේ පීඨාධිපතිවරුන් ඇතුළු සාමාජිකයන් 25 දෙනකුගෙන් සමන්විතය.

දේශපාලන වාර්තාකරු l

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:01