2017 පෙබරවාරි 25 වන සෙනසුරාදා

ලංකාව එක්ක ආර්ථික ගිවිසුම් අපට වැඩක් නෑ!

 2017 පෙබරවාරි 25 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 147

- ඉන්දීය විදේශ ලේකම්

ඉන්දීය රජයට ශ්‍රී ලංකාව සමඟ ආර්ථික ගිවිසුම් ඇතිකර ගැනීමට වඩා වැදගත් වන්නේ ඒකාබද්ධ සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කිරීම බව ඉන්දීය විදේශ ලේකම් එස්. ජයශංකර් මහතා රජයට දැනුම් දී තිබේ.

පසුගියදා දෙදින නිල සංචාරයකට කොළඹට පැමිණි ඉන්දීය විදේශ ලේකම්වරයා රජයේ ප්‍රධානීන් ගණනාවක් හමුවේ මෙම කරුණු පැහැදිලි කර ඇත. විශේෂයෙන්ම කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දු ශ්‍රී ලංකා ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙස දියත් කිරීම ගැන ඉන්දීය විදේශ ලේකම්වරයා රජයට කරුණු දක්වා තිබේ. දැනට මෙම ව්‍යාපෘතිය සඳහා ටෙණ්ඩර් කැඳවීමෙන් පසු ටෙණ්ඩර ප්‍රදානය සම්බන්ධව හටගෙන තිබෙන ව්‍යාකූල තත්ත්වය ගැන ඔහු රජයෙන් කරුණු විමසා ඇතැයි සඳහන්ය.

මේ හැර ද්‍රව ගෑස් විදුලි බලාගාරයක් ඉදිකිරීම හා තවත් සංවර්ධන ව්‍යාපෘති ගණනාවක් ඉන්දු ලංකා ඒකාබද්ධ ව්‍යාපෘති ලෙස පවත්වාගෙන යාම පිළිබඳව ජයශංකර් මහතා ශ්‍රී ලංකාවට කරැණු දැක්වීය.

සංජීවිකා සමරතුංග l

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:01