2019 මැයි 18 වන සෙනසුරාදා

ආණ්ඩුවේ බාරිකම විපක්ෂය පිට පටවනවා - එ.ජ.නි.ස. මන්ත්‍රී නාමල් රාජපක්ෂ

 2019 මැයි 18 වන සෙනසුරාදා, පෙ.ව. 08:00 24

I සංජීවිකා සමරතුංග

ආණ්ඩුවේ අලුත්ම නාට්‍ය වී ඇත්තේ ප්‍රචණ්ඩ ක්‍රියාවල වගකීම විපක්ෂය පිට පටවා තමන්ගේ බැරිකම වසා ගැනීම යැයි හම්බන්තොට දිස්ත්‍රික් එ.ජ.නි.ස මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා දේශයට කීය. පසුගිය දිනවල පොලිස්පති, ආරක්ෂක ලේකම් මීට පටලවා එක් රඟපෑමක් කළත් එය අසාර්ථක වූ බවද. දැන් පාස්කු ඉරිදා ප්‍රහාරය එල්ල කළ අයි.එස්. ත්‍රස්තවාදී පිරිස් අමතක කර ආණ්ඩුව විපක්ෂය පසුපස පන්නමින් සිටින බවද හෙතෙම සඳහන් කළේය.

මේ රජය ජාතික ආරක්ෂාව අනතුරට පත් කොට 2015 ජනවාරි 08 දා රාජපක්ෂ ආණ්ඩුව බාරදුන් සාමකාමී රට අගාධයට ඇද දැමූ බව පැවසූ මන්ත්‍රීවරයා ඉස්ලාම් අන්තවාදීන් ගැන පරීක්ෂණ නොකර වෙනත් පිරිස් කොටු කරන්නට  තැත් කිරීම ගැන දැඩි විරෝධය පළ කළේය.

ආණ්ඩුව ත්‍රස්තවාදී කණ්ඩායම් ගැන කරන පරීක්ෂණ මන්දගාමී තත්ත්වයට පත්කොට මාධ්‍ය වාරණ දැමීම නිසා රජය කරනවාය කියන පරීක්ෂණ ගැනද ජනතාව සැක හා බිය පළකරන්නේ යැයි රාජපක්ෂ මහතා වැඩිදුරටත් කීය.