2017 පෙබරවාරි 25 වන සෙනසුරාදා

අධිවේගී මාර්ග කොම්පැණියකට

 2017 පෙබරවාරි 25 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 171


මෙරට අධිවේගී මාර්ග පාලනය සහ නඩත්තුව සඳහා විශේෂ සමාගමක් පිහිටුවීමට රජය තීරණය කර තිබේ. මෙම සමාගම මහාමාර්ග අමාත්‍යංශයට අයත් නොවන සමාගමක් බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

 අධිවේගී මාර්ග විධිමත් ලෙස නඩත්තු කිරීම, ඒවා සඳහා ලබාගෙන ඇති ණය පියවීම, ආදායම් රැස් කිරීම, ගාස්තු නියාමනය ඇතුළු සියලු කටයුතු අභිනවයෙන් ස්ථාපිත කරන සමාගමට පවරා දීම රජයේ සැලැසුමයි. පෞද්ගලික කළමණාකරන සමාගමක් ලෙස කඩිනම් තීන්දු ගත හැකි වන ලෙස නව සමාගමේ නෛතික ව්‍යුහය සකස් කෙරෙන බවද කියැවේ.

I ව්‍යාපාරික වාර්තාකරු