2017 පෙබරවාරි 25 වන සෙනසුරාදා

අගවිනිසුරු ශ්‍රි පවන් විශ්‍රාම යයි

 2017 පෙබරවාරි 25 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 70


අගවිනිසුරු කේ. ශ්‍රී පවන් මහතා මෙම මස 28දා විශ්‍රාම ලැබීමට නියමිතය.  මෙරට 44 වැනි අගවිනිසුරැවරයා ලෙස කටයුතු කළ ශ්‍රී පවන් මහතා විශ්‍රාම ලබන්නේ වසර 39ක් නීති වෘත්තියේ සේවය කිරීමෙන් අනතුරුවය. වසර 2015 සිට 2017 දක්වා වසර දෙකක් ශ්‍රී පවන් මහතා අගවිනිසුරු ධුරය දැරීය.

විශ්‍රාම ලබන අගවිනිසුරුවරයාට සමුදීම සඳහා මෙම 28 අඟහරුවාදා ශ්‍රේෂ්ඨාධිකරණයේ විශේෂ සැසියක් කැඳවා තිබේ.

ශ්‍රී පවන් මහතා අගවිනිසුරු ධුරයෙන් විශ්‍රාම ලැබීමෙන් පුරප්පාඩු වන අගවිනිසුරු ධුරයට ශ්‍රේෂ්ඨාධිකරණයේ ජ්‍යෙෂ්ඨ විනිසුරු ජනාධිපති නීතිඥ ප්‍රියසාත් ඩෙප් මහතා පත්වීමට ඉඩ ඇතැයි නීති අංශ ආරංචි මාර්ග කියයි. එහෙත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට ජනාධිපතිවරයා විසින් යෝජිත අගවිනිසුරැවරයාගේ නම තවමත් ඉදිරිපත් කර නැත.

Iදේශපාලන වාර්තාකරු