2019 මැයි 11 වන සෙනසුරාදා

ලංකාවට යන්න එපා! ලොකුම රටවල් 35ක් කියයි

 2019 මැයි 11 වන සෙනසුරාදා, ප.ව. 12:29 41

I සංජීවිකා සමරතුංග

ලොව ප්‍රබල රටවල් වන අමෙරිකාව, මහා බ්‍රිතාන්‍යය, යුරෝපා ප්‍රජාව ඇතුළු රටවල් 35ක් විසින් අත්‍යවශ්‍ය කරුණකට හැර ශ්‍රී ලංකාවට නොයන ලෙස සිය පුරවැසියන්ට අවවාද කර තිබේ.

මේ සඳහා වන විශේෂ සංචාරක උපදේශන අදාළ රටවල් විසින් නිකුත් කර තිබේ. ඒ සමඟ සංචාරක පැමිණීමද සීමා වී ඇත. ජාත්‍යන්තර ගුවන් සේවාවන් ගණනාවක් පවත්නා තත්ත්වය යටතේ සිය ගුවන් ගමන් අවලංගු කර තිබේ. ඉන්දීය ගුවන් සේවය සිය දෛනික ගුවන් ගමන් වාර දෙක එකකට අඩු කළේය.

පසුගිය සතියේ දිනක කොළඹට පැමිණෙන ස්විස් එයාර් ගුවන් සේවයෙන් කොළඹට පැමිණ තිබුණේ එක් මගියෙක් පමණි.