2019 මැයි 11 වන සෙනසුරාදා

ත්‍රස්ත ගනුදෙනුවලට හවුල් පන්දාහකගේ රහස් නම් එළියට

 2019 මැයි 11 වන සෙනසුරාදා, ප.ව. 12:30 1475

I ගයාන් ගාල්ලගේ

ලංකාවේ මූල්‍ය ආයතන සමඟ ගනුදෙනු කර ඇත්දැයි සොයාබැලීම සඳහා දේශීය සහ විදේශීය වශයෙන් නමගිය ත්‍රස්ත සාමාජිකයන් 5000කට අධික පිරිසකගේ නාමලේඛනයක් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මෙරට සියලු මූල්‍ය ආයතන වෙත යොමුකර තිබේ. මොවුන්ගේ ත්‍රස්ත ක්‍රියාවලට අදාළ රහසිගත ගනුදෙනු සම්බන්ධයෙන් සොයාබලන ලෙස දන්වමින් අතිශය රහස්‍ය මෙම නාමලේඛනය ශ්‍රී ලංකා මහ බැංකුවට එවා ඇත්තේ ජාත්‍යන්තර පොලිසිය විසිනි.

එම ලැයිස්තුව තුළ අයි.එස්. සංවිධානය, අල්කයිඩා සංවිධානය, තලෙයිබාන් සංවිධානය, එල්.ටී.ටී.ඊ සංවිධානය, ඉරානයේ ත්‍රස්ත සංවිධාන සහ කොරියානු ආයුධ අලෙවි කරන සංවිධාන හයක ප්‍රබලයන්ගේ නම් ඇතුළත් බව සඳහන් වේ.

එම ලැයිස්තුවේ සිටින පිරිස් දේශීයව හෝ විදේශීයව ගනුදෙනු කර ඇතිද යන්නත් ගනුදෙනු කර ඇති නම් ඊට අදාළව වාර්තාවකුත් ලබාදෙන ලෙස මහ බැංකුව මූල්‍ය ආයතන වෙත විශේෂයෙන් දන්වා ඇත.

විශේෂයෙන් විදෙස් රටවල ජීවත්වන විදේශිකයන් විසින් මොවුනට ලබාදෙන මූල්‍යාධාර සම්බන්ධයෙන් මෙහිදී සොයා බැලීමට කටයුතු කරන බව සඳහන් වේ.