2019 මැයි 11 වන සෙනසුරාදා

පුරවැසිභාවය අහෝසි කිරීමේ ලිපිය ගෝඨා අතට

 2019 මැයි 11 වන සෙනසුරාදා, ප.ව. 12:30 56

I දේශපාලන වාර්තාකරු

අමෙරිකානු පුරවැසිභාවය අහෝසි කළ බව සඳහන් නිල ලේඛනය හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට පසුගියදා භාරදෙනු ලැබීය. ඇමෙරිකානු තානාපති කාර්යාලයේ (වීසා) අංශ ප්‍රධානියා විසින් අත්සන් තබන ලද එම ලේඛනය භාරදීමට ගෝඨාභය නොබෝදා අමෙරිකානු තානාපති කාර්යාලයට කැඳවනු ලැබීය.

සිය අමෙරිකානු පුරවැසිභාවය ඉවත්කර ගැනීම සඳහා මුල්ම අයැදුම්පත පසුගිය මාර්තු මස 06දා භාරදුන් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ එම අයදුම්පත ගැන සති දෙකක කාලයක් තුළ විශේෂ නිරීක්ෂණයක් සිදුකෙරිණි. අමෙරිකානු රජය මෙහිදී විශේෂයෙන් සලකා බැලුවේ ඔහු විසින් අමෙරිකානු රජයට ගෙවිය යුතු බදු මුදල් නිසි ලෙස පියවා තිබේද යන කාරණය පමණි.

අනතුරුව අප්‍රේල් මස 17 දින ඔහු තම අමෙරිකානු ගමන් බලපත්‍රය (පාස්පෝර්ට්) තානාපති කාර්යාලයට භාර දුන්නේය. ඉන් සති තුනක් ඇවෑමෙන් රාජපක්ෂ මහතාගේ පුරවැසිභාවය ඉවත්කළ බවට අදාළ නිල ලේඛනය නිකුත් කැරිණි.
පුරවැසිභාවය ඉවත් කිරීමෙන් පසුව ඔහු දැන් ශ්‍රී ලාංකික ගමන් බලපත්‍රයක්ද ලබාගෙන තිබේ. මෙලෙස පුරවැසිකම ඉවත් කිරීමේදී එරට අධිකරණවල පවත්නා සිවිල් නඩු පිළිබඳ රාජ්‍ය දෙපාර්තමේන්තුව හෝ තානාපති වීසා අංශය අවධානය දක්වා නොතිබිණි