2019 මැයි 11 වන සෙනසුරාදා

තෙල් සංස්ථාව කෝටි දහදාහක් පාඩු ලබයි

 2019 මැයි 11 වන සෙනසුරාදා, ප.ව. 12:30 38

I යසවර්ධන රුද්රිගු

2017 වසරේදී රුපියල් කෝටි 3400ක ලාභයක් ලැබූ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව 2018 වසර අවසානයේදී රුපියල් කෝටි 10400ක අලාභයක් ලබා ඇති බව 2018 ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාව පෙන්වා දෙයි.

ජාත්‍යන්තර බොරතෙල් මිල ඉහළයාම, අමෙරිකා එක්සත් ජනපද ඩොලරය හමුවේ ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණ වීම සහ ඛනිජ තෙල් නිෂ්පාදිතවල දේශීය සිල්ලර මිල ගණන් සංශෝධනය වීම 2018 වසරේ මැයි මාසය දක්වා ප්‍රමාදවීම ආදී කරුණු නිසා වසර තුළදී සංස්ථාවේ මූල්‍ය ක්‍රියාකාරීත්වය සැලකිය යුතු ලෙස පිරිහී ගොස් ඇති බව මහ බැංකුව පවසයි.
රුපියල අවප්‍රමාණ වීම නිසා පමණක් ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ලබා ඇති පාඩුව රුපියල් කෝටි 8270කි. එසේම බලශක්ති උත්පාදන අංශයෙන් ඉල්ලුම පහළයාම නිසාද සංස්ථාවේ ආදායම පහළ ගොස් ඇත.

තෙල් මිල තීරණය කිරීම සඳහා මිල සූත්‍රයක් ක්‍රියාත්මක කළ 2018 මැයි මාසයේ සිට වර්ෂය අවසානය වනවිට ඛනිජ තෙල් මිල අවස්ථා නවයකදී මිල ගණන් සංශෝධනය කර ඇති බවද මහබැංකුව ප්‍රකාශ කරයි.