2019 මැයි 11 වන සෙනසුරාදා

හොරෙන් බදු දුන් ආණ්ඩුවේ ගෙවල් 800ක් පවරා ගනී

 2019 මැයි 11 වන සෙනසුරාදා, ප.ව. 12:30 37

I ගයාන් ගාල්ලගේ

කොළඹ පැල්පත්වල සිට ස්ථිර වාසස්ථාන ලබාදුන් පවුල් 769කට අයත් නිවාස නැවත ලබා ගැනීමට නාගරික සංවර්ධන අධිකාරිය විසින් තීරණය කර ඇත.

එම පවුල් සඳහා නිවාස ලබාදීමේදී ඇති කරගත් ගිවිසුම් උල්ලංඝණය කරමින් ඔවුන් සැකකටයුතු ලෙස වෙනත් තැනැත්තන්ට නිවාස කුලියට ලබාදී තිබීමත් එය ජාතික ආරක්ෂාවටද ප්‍රබල තර්ජනයක් බව ආරක්ෂක අංශ පෙන්වා දී තිබීමත් නිසා මෙලෙස නිවාස ලබාගන්නා බව එහි නිලධාරියෙක් දේශයට පැවසීය.

එක් නව නිවාසයක් වර්ග අඩි 450කි. ඇතැම් පවුල් ජීවත් වූ භූමිය අනුව නව නිවාස දෙකක් ඔවුන් ලබාදීමටත් කටයුතු කර ඇත. එහෙත් සමහරුන් නිවාස දෙකක් දුන් පසුව එක් නිවාසයක පදිංචිව අනෙක් නිවාසය කුලියට ලබාදී තිබේ. එසේම ඇතැම් පිරිස් සම්පුර්ණයෙන්ම නිවසින් ඉවත් වී බාහිර පුද්ගලයන්හට කුලියට ලබාදී තිබේ. එය ගිවිසුම උල්ලංඝණය කිරීමක් නිසා එවැනි පවුල් 769ක නිවාස නැවත ලබා ගැනීමට තීරණය කර තිබේ.