2019 මැයි 04 වන සෙනසුරාදා

නීතිය - සාමය ඇමැති ධූරයට ජනපතිගෙන් කොන්දේසියක්

 2019 මැයි 04 වන සෙනසුරාදා, ප.ව. 12:30 1949

I දේශපාලන වාර්තාකරු

නීතිය හා සාමය අමාත්‍ය ධුරයට ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාගේ නම වෙනුවට වෙනත් නමක් යෝජනා කරන්නේ නම් ඒ ගැන සලකා බැලිය හැකි බව නිල නොවන මට්ටමින් එ.ජා.ප.යට දන්වා ඇතැයි ජනාධිපති කාර්යාලයීය ආරංචි මාර්ග කියයි. දැනට ජනාධිපතිවරයාගේ පාලනය යටතේ පවත්නා පොලීසිය හා සිවිල් ආරක්ෂක සංවිධාන ඇතුළත් මෙම අමාත්‍යංශය එ.ජා. පෙරමුණේ අමාත්‍යවරයකුට හිමිවිය යුතු බව පසුගියදා එ.ජා.ප.ය ජනාධිපතිවරයාට දැනුම් දුන්නේය.

මේ ගැන එ.ජා.ප.යේ නියෝජිතයන් පිරිසක් ජනාධිපතිවරයා සමඟ නිල නොවන මට්ටමේ අදහස් හුවමාරුවක් කරගත් බවද වාර්තා විය.

මෙම ඉල්ලීම ගැන ජනාධිපතිවරයා තමන්ගේ ජ්‍යෙෂ්ඨ උපදේශකයන්ගේ අදහස් විමසූ බව පසුව දැනගන්නට ලැබිණි. එම සාකච්ඡාවලින් පසුව අමාත්‍ය චම්පික රණවකගේ නම මෙම තනතුරු සඳහා යෝජනා කරන්නේ නම් සලකා බැලිය හැකි බව දන්වා ඇතැයි වාර්තා වෙයි.

එ.ජා.ප.ය මේ ගැන ගනු ලැබූ තීරණය කුමක්දැයි පැහැදිලි නැතත් මෙම සටහන ලියන මොහොත වනවිටත් ෆීල්ඩ් මාර්ෂල්වරයාගේ නම හැර වෙනත් නමක් යෝජනා කර තිබුණේ නැත. එම ඉල්ලීමද එ.ජා.ප. නායකත්වය වෙත ඉදිරිපත් කර තිබුණේ එ.ජා.ප.යේ පසුපෙළ මන්ත්‍රින් විසිනි.

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 පෙබරවාරි 24 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:01