2019 මැයි 04 වන සෙනසුරාදා

සිවිල් අාරක්ෂාවට අැමැතිවරයකු ඕනෑ - ඇමැති රන්ජිත් මද්දුමබණ්ඩාර

 2019 මැයි 04 වන සෙනසුරාදා, ප.ව. 12:30 166

I දේශපාලන වාර්තාකරු

ජනාධිපතිතුමා රාජ්‍ය නායකයා ලෙස කාර්යබහුල තත්ත්වයක සිටින නිසා රටේ සිවිල් ආරක්ෂක කටයුතු මෙහෙයැවීම සඳහා පූර්ණකාලීන නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යවරයකු කඩිනමින් පත්කළ යුතු යැයි නීතිය හා සාමය පිළිබඳ හිටපු අමාත්‍ය සහ රාජ්‍ය පරිපාලන හා ආපදා කළමනාකරණ ඇමැති රන්ජිත් මද්දුමබණ්ඩාර මහතා දේශයට පැවසීය.

පවත්නා ආරක්ෂක තත්ත්වය යටතේ හමුදා සහ පොලිස් මෙහෙයුම් වේගවත් කිරීම සඳහා හදිසි නීතිය පනවා තිබේ. ඒ අනුව ආරක්ෂක අංශ ඉතාමත් හොඳින් ත්‍රස්ත මර්දන කටයුතු කරගෙන යන බව පැවසූ අමාත්‍යවරයා මුස්ලිම් අන්තවාදීන් අහිංසක මනුෂ්‍යයන් ඝාතනය වහා නතර කළ යුතු යැයිද කීය.

මෙහිදී සියලු දේශපාලන පක්ෂ වාදභේදවලින් තොරව නවසීලන්තයේ ත්‍රස්ත ප්‍රහාරයේදී මෙන් එක්සත්ව ක්‍රියාකළ යුතු බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. මේ ප්‍රශ්නය ජාතික අර්බුදයක් ලෙස සිතා විපක්ෂයද අනවශ්‍ය දේශපාලන විවේචනවලින් වැළකී ක්‍රියාකරනු ඇතැයි අපේක්ෂා කරන බව හෙතෙම සඳහන් කළේය.