2019 මැයි 04 වන සෙනසුරාදා

අවුරුදු 3කදී ආර්ථිකය වැටිලා - මහ බැංකුව

 2019 මැයි 04 වන සෙනසුරාදා, ප.ව. 12:30 33

I ව්‍යාපාරික වාර්තාකරු

ගතවූ වසර 3ක කාලය තුළ මෙරට ආර්ථික වර්ධන වේගය සෑහෙන ප්‍රතිශතයකින් අඩුවී තිබෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නවතම වාර්ෂික වාර්තාව පෙන්වා දෙයි.

පසුගිය අප්‍රේල් 30දා නිකුත් කළ 2018 වසරේ මහ බැංකු වාර්තාව අනුව 2015 වසරේ 5%ක්ව තිබූ ආර්ථික වර්ධන වේගය 2016 වසරේ 4.5% දක්වා අඩුවිය. 2017 වසරේදී එම වර්ධන වේගය තවත් අඩුවී 3.4%ක් බවට පත්වූ බව මහ බැංකුව කියයි. 2018 වසරේද වර්ධන වේගය අඩුවී තිබේ. 2018 වසරේ ආර්ථික වර්ධන වේගය 3.2%ක් ලෙස සඳහන්ව ඇත.

ආර්ථික ප්‍රතිසංස්කරණ ප්‍රමාදවීම රට මැදි ආදායම් උගුලට හසුවීම වැනි හේතු මෙරට ආර්ථික පසුබෑමට හේතු බව මහබැංකුව කියයි. නමුත් මෙරට ආර්ථිකයට සමාන ආර්ථිකයක් ඇති වෙනත් රටවල්වල සිදුකළ විධිමත් ප්‍රතිසංස්කරණ නිසා ආර්ථික වර්ධනය ඉහළ ගොස් ඇති වගද මහ බැංකුව පවසයි.

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:01