2019 මැයි 04 වන සෙනසුරාදා

භාණ්ඩ පරීක්ෂාවට ස්කෑනර් ගෙන්වයි

 2019 මැයි 04 වන සෙනසුරාදා, ප.ව. 12:30 24

I ආරක්ෂක වාර්තාකරු

රාජ්‍ය ආයතන සහ ප්‍රධාන පෙළේ තරු හෝටල් රැසක ඒවාට රැගෙන එන භාණ්ඩ පරීක්ෂාව සඳහා ස්කෑනර් යන්ත්‍ර සවිකිරීමට තීරණය කර තිබේ.

ඒ අනුව දැනටමත් ප්‍රධාන පෙළේ හොටල් ගණනාවක් ගැන අමාත්‍යංශ ගණනාවක් විසින් මෙම යන්ත්‍ර ආනයනය සඳහා ඇණවුම් භාරදී ඇත.

කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපොළට සාමාන්‍යයෙන් ස්කෑනර් යන්ත්‍ර විස්සක් පමණ අවශ්‍ය වුවත් දැනට එහි ඇත්තේ ස්කෑනර් යන්ත්‍ර හයකි. ඒ නිසා කඩිනමින් ඉතිරි ඒවාත් සවිකිරීමට අවශ්‍ය පියවර ගෙන ඇත.

මෙකී ස්කෑනර් යන්ත්‍රයත් රුපියල් ලක්ෂ 9 සිට ලක්ෂ 45 අතර මිල ගණන්වලට අලෙවි කෙරේ. චිනයේ නිෂ්පාදිත ස්කෑනර් යන්ත්‍රයක් රුපියල් ලක්ෂ 9ත් 10ත් අතර වෙයි. ජර්මනිය ඇතුළු යුරෝපා රටවල ස්කෑනරය රුපියල් ලක්ෂ 45ක් පමණ වෙයි.