2019 අප්‍රේල් 27 වන සෙනසුරාදා

අගවිනිසුරු ධූරයට නීතිපති

 2019 අප්‍රේල් 27 වන සෙනසුරාදා, ප.ව. 12:30 29

I අධිකරණ වාර්තාකරු

නීතිපති ජනාධිපති නීතිඥ ජයන්ත ජයසූරිය මහතා අභිනව අගවිනිසුරුවරයා ලෙස පත්කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව තීන්දු කර ඇත. ඉදිරි වසර 4ක් සඳහා ඔහු අගවිනිසුරු ලෙස පත්කිරීමට තීන්දු කළ බව එහි ආරංචි මාර්ග කියයි.

කුරුණෑගල මලියදේව විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන ජයන්ත ජයසූරිය මහතා රජයේ නීති විද්‍යාලය, හොංකොං සරසවිය හා මහා බ්‍රිතාන්‍යයේ වේල්ස් සරසවියෙන් ඉහළ නීති උපාධි රැසක් හිමිකර ගත්තේය. 1983 දී රජයේ නීතිඥවරයකු ලෙස නීතිපති දෙපාර්තමේන්තුවට බැඳුන හෙතෙම එහි උසස් තනතුරු ගණනාවක් දරා 2012 වසරේ ජනාධිපති නීතිඥවරයකු ලෙස පත් කැරිණි. ජයන්ත ජයසූරිය මහතා මෙරට 29 වැනි නීතිපතිවරයා ලෙස පත්වූයේ 2016 වසරේ පෙබරවාරි මාසයේය.

ජනාධිපති නීතිඥ ජයන්ත ජයසූරිය මහතා නව අගවිනිසුරු ලෙස දිවුරුම් දීම සති අන්තයේදී සිදුකෙරෙනු ඇතැයි වාර්තා විය.