2019 අප්‍රේල් 20 වන සෙනසුරාදා

මෛත්‍රී - මහින්ද තීරණාත්මක හමුවක්!

 2019 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 12:30 1449

I දේශපාලන වාර්තාකරු

විපක්ෂනායක  මහින්ද රාජපක්ෂ මහතා සහ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අතර විශේෂ හමුවක් ඉදිරි සතියේදී පැවැත්වෙනු ඇතැයි දේශයට වාර්තා වෙයි.

පසුගියදා අලුත් අවුරුද්ද නිමිත්තෙන් සුබපැතීම සඳහා මෙම නායකයන් දෙදෙනා පැවැත්වූ දුරකතන සංවාදයකදී සාකච්ඡාව සඳහා එකඟත්වයකට පැමිණ ඇතැයි ජනාධිපතිවරයාට සමීප ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් දේශයට කීය.

ඉදිරි ජනාධිපතිවරණය ඇතුළු තීරණාත්මක කාරණා ගණනාවක් ගැන මෙහිදී දෙපක්ෂයේ අදහස් හුවමාරු කර ගැනෙනු ඇතැයි දැනගන්නට ඇත. දැනට ගැටලුවක්ව තිබෙන ශ්‍රී.ල.නි.ප.- පොහොට්ටු ඒකාබද්ධ ජනාධිපති අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමේ කරුණ ගැන මූලික අදහස් හුවමාරුවක්ද මෙම හමුවේදී සිදුවනු ඇතැයි අපෙක්ෂා කෙරේ.

අප වෙත ලැබෙන ආරංචි මාර්ග අනුව මහින්ද මෛත්‍රී හමුව සඳහා සහභාගී වනු ඇත්තේ එම නායකයන් දෙදෙනා පමණි. එම හමුවේ ගනු ලබන තීරණ හමුවෙන් අනතුරැව එම නායකයන් විසින් සිය පක්ෂ වෙත වාර්තා කරනු ඇතැයි දැනගන්නට ඇත.