2019 අප්‍රේල් 20 වන සෙනසුරාදා

මධූෂ්ගේ අපරාධ : රටට විශේෂ වාර්තාවක්

 2019 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 12:30 421

ගයාන් ගාල්ලගේ l

මාකඳුරේ මධූෂ් මෙරටට කෙතරම් අත්‍යවශ්‍ය අපරාධකරුවෙක්දැයි ඩුබායි රජයටත් එරට ආරක්ෂක අංශයට සහ අධිකරණයටත් පෙන්වාදීම සඳහා විශේෂ වාර්තාවක් දැනටමත් සකස් කරමින් පවතින බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

සම්පූර්ණයෙන් මධූෂ් සහ මධූෂ්ගේ කල්ලිය, ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමඟ ඇති සබඳතා, මෙරට සිදුකළ ඝාතන සහ ප්‍රභූ ඝාතන සැලසුම් සම්බන්ධයෙන් මෙකී වාර්තාව සකසමින් තිබෙන බව වාර්තා වෙයි.

මේ සඳහා රහස් පොලීසිය, ත්‍රස්ත විමර්ශන කොට්ඨාශ, විදේශ අමාත්‍යංශය සහ කොළඹ අපරාධ කොට්ඨාසය යන අංශ කටයුතු කරමින් තිබෙනා බව එම ආරංචි මාර්ග පවසයි.

කෙසේ වෙතත් මධූෂ් විසින් ඩුබායි අධිකරණයට ඉදිරිපත් කළ ඇපෑල මැයි 02 වැනිදා කැඳවීමට නියමිතව ඇති අතර ඒ වනවිට මෙම වාර්තාව සකසා මේ සම්බන්ධයෙන් ක්‍රියාකරන ප්‍රධාන අංශ වෙත බාරදීමට නියමිත බව දැනගන්නට ලැබේ.