2019 අප්‍රේල් 20 වන සෙනසුරාදා

උතුරේ හමුදා ඉඩම් තොගයක් නිදහස් : ටී. එන්. ඒ. අධි ආරක්ෂකයේ ඉඩමුත් ඉල්ලයි!

 2019 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 12:30 39

I දේශපාලන වාර්තාකරු

යුද සමයේ ආරක්ෂක හමුදා විසින් අත්පත් කරගත් උතුරේ රාජ්‍ය සහ පෞද්ගලික ඉඩම් නිදහස් කිරීම අවසන් අදියරට පැමිණ ඇතැයි වාර්තා වෙයි.

රජයේ නවතම ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට මේ වනවිට ආරක්ෂක අංශ භාරයේ තිබූ රාජ්‍ය ඉඩම්වලින් 84%ක්ද පෞද්ගලික ඉඩම්වලින් 95%ක්ද නිදහස් කර තිබේ. ඉතිරි ඉඩම් පිහිටා ඇත්තේ අධි ආරක්ෂක කලාපවල නිසා ඒවා නිදහස් කිරීම බරපතළ ප්‍රශ්නයක් වී ඇතැයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් කියයි.

කෙසේ වෙතත් මෙම ඉඩම්ද නිදහස් කරන ලෙස දෙමළ ජාතික සන්ධානය රජයට බලකරන නිසා ඒ ගැන විශේෂ සාකච්ඡාවක් මේ මස 27 හා 28 දෙදින යාපනයේදී පැවැත්වීමට නියමිතය. උතුරේ ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු හා ත්‍රිවිධ හමුදා ප්‍රධානිහුද දෙමළ සන්ධාන මන්ත්‍රීහුද හමුවට එක්වෙති.