2019 අප්‍රේල් 13 වන සෙනසුරාදා

මධූෂ් දැන්ම එවන පාටක් නෑ

 2019 අප්‍රේල් 13 වන සෙනසුරාදා, ප.ව. 12:30 261

I හසිත් අංජන

පාතාල කල්ලි නායක මාකඳුරේ මධූෂ් කඩිනමින් ශ්‍රී ලංකාවට පිටුවහල් කරන බවට වාර්තා පළවුවත් ඔහු ඉක්මනින් ශ්‍රී ලංකාවට පිටුවහල් කිරීමක් සිදුනොවනු ඇතැයි තානාපති අංශ ආරංචිමාර්ග සඳහන් කරයි.

මධූෂ් හා සම්බන්ධ නඩු විභාගය තවදුරටත් ඩුබායිහි සිදුවෙමින් පවතින අතර එය නිමාවීමෙන් පසු ඔහු සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බවට මේ වනවිටත් ඩුබායි බලධාරීන් ශ්‍රී ලංකා තානාපති අංශ දැනුම්වත් කර තිබේ.

කෙසේවෙතත් මධූෂ් සම්බන්ධ කාරණාවේදී ශ්‍රී ලංකාවේ නීති අංශවලට හා ආරක්ෂක අංශවලට ඍජු මැදිහත්වීමක් කිරීමට ඩුබායි පොලීසිය මෙතෙක් අවසර දී නැත.

 

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:01