2019 අප්‍රේල් 13 වන සෙනසුරාදා

මාධ්‍ය සම්මාන උළෙළේ ආසන පැනවීම: කතුවරුන් පිරිසකට අවමාන

 2019 අප්‍රේල් 13 වන සෙනසුරාදා, ප.ව. 12:30 31

ජනමාධ්‍ය අමාත්‍යංශය මඟින් සංවිධානය කළ 2018 ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙලට සහභාගී වීම සඳහා බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවට ගිය පුවත්පත් කර්තෘවරුන් ගණනාවකට සුදුසු ආසන ලබා නොදීම නිසා එයට විරෝධය පළකරමින් අදාළ කතුවරු සම්මාන උළෙල වර්ජනය කළෝය.

ජනමාධ්‍ය අමාත්‍යංශයෙන් ලැබී තිබූ ආරාධනාවකට අනුව එහි ගිය පුවත්පත් කතුවරුන් පිරිසකට ප්‍රධාන ශාලාවේ ඉදිරිපෙළ අසුන් පනවා තිබූ අතර විජය පුවත්පත් සමාගමේ කතුවරුන් ගණනාවකට උත්සව ශාලාවේ පිටුපස බැල්කනියේ අසුන් වෙත යන්නැයි දැනුම් දී තිබේ. පුවත්පත් කතුවරුන්ට මෙලෙස දෙයාකාරයකට සැලකීමට විරෝධය පළකරමින් ඔවුහු සම්මාන උළෙල වර්ජනය කළහ. අනතුරුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එම සිද්ධිය ගැන සිය කණගාටුව පළකළේය.

ජනමාධ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා මේ ගැන පරීක්ෂණයක් පැවැත්වීමට තීරණය කර තිබේ.