2019 අප්‍රේල් 06 වන සෙනසුරාදා

රස්නය මැද දින තුනක වැස්සක්

 2019 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 12:30 31

හසිත් අංජන l

පවත්නා දැඩි නියඟය මධ්‍යයේ අද (අප්‍රේල් 07) සිය දින තුනක් දිවයින පුරා ප්‍රදේශ රැසකට වැසි ලැබෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ ශානිකා දිසානායක මහත්මිය පැවසුවාය.

කෙසේ වෙතත් අප්‍රේල් මස 05 සිට 15 දක්වා ශ්‍රී ලංකාවට ඉහළින් සූර්යයා ගමන් කිරීම නිසා මේ දිනවල දැඩි රස්නයක් බලාපොරොත්තු විය හැකි බවද ඇය පැවසීය. සෙල්සියස් අංශය 36 ඉක්මවූ ඉහළ උෂ්ණත්වයක් මේ දිනවල බලාපොරොත්තු වනබවද ඇය සඳහන් කළාය.

මෙරටට පුළුල් වර්ෂාපතනයක් බලාපොරොත්තු විය හැක්කේ මැයි මාසය පමණ වන විට බව දිසානායක මහත්මිය තවදුරටත් ප්‍රකාශ කළාය.