2019 මාර්තු 30 වන සෙනසුරාදා

සහායට එන අයට කැපිලි එපා - මහින්දගෙන් අවවාදයක්

 2019 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 12:30 381

I දේශපාලන වාර්තාකරු

ඒකාබද්ධ විපක්ෂයට සහාය දීමට පැමිණෙන ශ්‍රී.ල.නි.ප.යේ හෝ වෙනත් පක්ෂ නියෝජනය කරන මන්ත්‍රීන්ට අරියාදුකොට ඔවුන්ට විපක්ෂය එපා කරවීමට කටයුතු නොකරන්නැයි විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ඒකාබද්ධ විපක්ෂ ජ්‍යෙෂ්ඨයන්ට අවවාද කළේය.

විපක්ෂ නායකවරයා මෙම අවවාදය කළේ පසුගියදා විපක්ෂනායක නිල නිවසේ පැවති ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන්ගේ හමුවක් අමතමිනි. 

ඒකාබද්ධ විපක්ෂය ශ්‍රී.ල.නි.ප.යේ මන්ත්‍රීන්ට තමන් සමඟ අයවැයට එරෙහිව ඡන්දය දෙන ලෙස ඉල්ලීම් කරන නමුත් මෙයට පෙර විපක්ෂයට සහාය දීමට පැමිණි මන්ත්‍රීන්ට විපක්ෂයේ ඇතැම් ජ්‍යෙෂ්ඨයන් සලකන ආකාරය දුටුවිට වෙනත් අය සහාය දීමට පැමිණීම ගැන දෙවරක් සිතනු ඇතැයිද කීය.

දකුණේ දිස්ත්‍රික්ක දෙකකත් උඩරට දිස්ත්‍රික්කයකත් මෙම තත්ත්වය කැපීපෙනෙන බවද මහින්ද රාජපක්ෂ මහතා කීය. මේ අයගේ ප්‍රශ්න තමන් විසඳන බව පැවසූ හෙතෙම විපක්ෂ ජ්‍යෙෂ්ඨයන් අන්‍යයන් සමඟ සහයෝගයෙන් ක්‍රියාකළ යුතු බව දැඩිලෙස අවධාරණය කළේය. 

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:01