2019 මාර්තු 30 වන සෙනසුරාදා

ඊළඟ මහ ඡන්දයේදී ටී.එන්.ඒ එක දකුණටත්

 2019 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 12:30 40

I සංජීවිකා සමරතුංග

ඉදිරි මහ මැතිවරණයේදී උතුරු නැගෙනහිරින් බැහැර දිස්ත්‍රික්ක ගණනාවකට තරග වැදීමට දෙමළ ජාතික සන්ධානය තීරණය කර තිබේ.

එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් දේශයට සඳහන් කළේ ඒ අනුව කොළඹ, ගම්පහ, නුවරඑළිය, බදුල්ල, මහනුවර සහ පුත්තලම යන දිස්ත්‍රික්කවලට සිය අපේක්ෂකයන් ඉදිරිපත් කෙරෙන බවය. දෙමළ ජාතික සන්ධානය උතුරු නැගෙනහිර පළාත්වලට පමණක් සීමා නොවූ පක්ෂයක් ලෙස සංවිධානය වීමේ අරමුණින් මෙම තීරණය ගත් බවද හෙතෙම පැවසීය.

කිසිදු පක්ෂයක් සමඟ සන්ධානගත නොවී දෙමළ ජනතාව ජීවත්වන දිස්ත්‍රික්කවලට ඉදිරිපත් වීම දෙමළ ජාතික සන්ධාන සැලසුම බවද ඔහු වැඩිදුරටත් කීය.