2019 මාර්තු 30 වන සෙනසුරාදා

පොලිස්පතිට එරෙහිව ඉහළ පෙළේ විනය පරීක්ෂණයක්

 2019 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 12:30 34

ආරක්ෂක වාර්තාකරු l

පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ගැන ඉහළ පෙළේ විනය කමිටුවක් මගින් විශේෂ විනය පරීක්ෂණයක් පැවැත්වීමට ජනාධිපති කාර්යාලය තීරණය කර ඇතැයි දේශයට වාර්තා වෙයි.

එහි මූලික පියවර වශයෙන් ජනාධිපති හා හිටපු ආරක්ෂක ලේකම් ඝාතන කුමන්ත්‍රණයට අදාළ පරීක්ෂණවල ප්‍රගතිය ඇතුළත් වාර්තාවක් පසුගිය සිකුරාදා වනවිට තමන් වෙත භාරදිය යුතු බවට ජනාධිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් දී තිබිණි.

මෙම ඝාතන කුමන්ත්‍රණයේ තොරතුරු හෙළිදරව් කළ ඔත්තුකරු නාමල් කුමාර හා පොලිස්පතිවරයා අතර සිදුවූ දුරකතන සංවාදයේ හඬපට ගැලපීමෙන් පසු මේ පියවර ගෙන ඇතැයි දැනගන්නට ඇත.

පොලිස්පතිවරයා සම්බන්ධ විනය පරීක්ෂණය පාර්ලිමේන්තු තේරීම් කමිටුවක් මගින් කරන්නේද, විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් හා අමාත්‍යාංශ ලේකම්වරුන්ගෙන් සමන්විත කමිටුවක් මගින් කරන්නේද යන්න ගැන අද හෙටම ජනාධිපති කාර්යාලය විශේෂ නීති උපදෙස් ලබාගනු ඇති බව වැඩිදුරටත් වාර්තා වෙයි.