2019 මාර්තු 30 වන සෙනසුරාදා

පවර්කට් යට කොමිස් ගේමක්

 2019 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 12:30 32

I හසිත් අංජන

මේ දිනවල විදුලි කප්පාදුවට සැබෑ හේතුව විදුලිබල මණ්ඩලයේ බලධාරීන් පිටතින් විදුලිය මිලදී ගැනීම සඳහා දරන උත්සාහය නිසා පැන නැගී ඇති කොමිස් මුදල් අර්බුදයක් බව ලංකා විදුලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රංජන් ජයලාල් මහතා පැවසීය.

රජය කුමක් කීවත් විදුලිය කප්පාදුව අප්‍රේල් මාසයේද පවතිනු ඇතැයි හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.
ලංකා විදුලි සේවක සංගමයේ සභාපතිවරයා පවසන ආකාරයට පෞද්ගලික අංශය මගින් විදුලිය මිලදී ගැනීමට උත්සාහයක් තිබේදැයි ලංවීම විදුලි ඉංජිනේරු සංගමයේ සභාපති සෞම්‍ය කුමාරවඩු මහතාගෙන් විමසූ විට කුමාරවඩු මහතා පැවසූයේ පවතින විදුලි හිඟය මඟහරවා ගැනීම සඳහා පෞද්ගලික අංශයෙන් විදුලිය ලබාගැනීමට අවධානය යොමුව පවතින බවයි. අප්‍රේල් මාසය වනවිට නිසිලෙස වැසි වැටී විදුලිබල උත්පාදන ජලාශ පිරීගියහොත් විදුලි කප්පාදුව නතර කළ හැකි බවද හෙතෙම තවදුරටත් කීය.

විදුලිබල කප්පාදුව සම්බන්ධව දේශය මහජන උපයෝගිතා කොමිසමෙන් විමසීමක් කළවිට එහිදී එම කොමිසමේ ආයතනික - සංනිවේදන අධ්‍යක්ෂ ජයනාත් හේරත් මහතා පැවසුවේ පසුගිය මාර්තු මස 18 වැනිදා සිට මහජනතාවට නොදන්වා විදුලිය විසන්ධි කිරීම් පිළිබඳව සොයාබැලීමට මහජන උපයෝගීතා කොමිසම තීරණය කර ඇති බවයි.

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:01