2019 මාර්තු 23 වන සෙනසුරාදා

අර්ජුන මහේන්ද්‍රන් ඇතුළු පිරිසට අධිචෝදනා

 2019 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 12:30 156

I ගයාන් ගාල්ලගේ

මහ බැංකු බැඳුම්කර වංචාවට අදාළව ප්‍රථම ගනුදෙනුවට (2015 පෙබරවාරි මස 27 දින සිදුවූ) වගකිවයුතු පාර්ශ්වවලට එරෙහිව අධි චෝදනා යටතේ මහාධිකරණයේ නඩු පැවරීමට නීතිපතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් දී තිබේ.

ඒ අනුව අධිචෝදනා යටතේ නඩු පැවරෙනු ඇත්තේ මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන මහේන්ද්‍රන්, නියෝජ්‍ය අධිපති පී. සමරසිරි සහ පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන්ට එරෙහිවය. 2015 වසරේ පෙබරවාරි මස සිදුකළ බැඳුම්කර ගනුදෙනුවෙන් රජයට රුපියල් මිලියන 688කට අධික අලාභයක් සිදුව ඇතැයි විගණකාධිපතිවරයා වාර්තා කර තිබිණි.

ඊට පෙර ඔවුන්ගෙන් ප්‍රකාශ සටහන් කරගෙන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇතැයි සඳහන් වේ. බැඳුම්කර චෝදනා මත දැනට ජාත්‍යන්තර රතු වරෙන්තුවක් නිකුත් කර තිබෙන අර්ජුන මහේන්ද්‍රන් මෙරටට ලබාගැනීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුව මේ දිනවල විශේෂ වාර්තාවක් සකස් කරමින් සිටී. එම වාර්තාව ලබන සතියේ සිංගප්පූරු නීතිපතිවරයා වෙත භාරදීමට නියමිතය. ඉන් අනතුරුව දැනට අධිකරණය මගහැර සිටින අර්ජුන මහේන්ද්‍රන් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට ඉදිරි නීතිමය පියවර ගන්නා බව නීතිපති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.