2019 මාර්තු 23 වන සෙනසුරාදා

තීන්දුව ගන්නෙ පක්ෂයයි - මහින්ද රාජපක්ෂ

 2019 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 12:30 204

I දේශපාලන වාර්තාකරු

ඒකාබද්ධ විපක්ෂයේ හා පොහොට්ටුවේ පක්ෂ නායකයන් සමඟ සාකච්ඡා කොට ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයා ගැන තම කණ්ඩායම් තීන්දුව දැනුම් දෙන බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට දැනුම් දුන්නේය.

මෙම දැනුම්දීම කළේ පසුගියදා මෙම ප්‍රශ්නය ඇතුළු කාලීන ප්‍රශ්න ගණනාවක් ගැන සාකච්ඡා කරන්නට ජනාධිපතිවරයා සහ විපක්ෂනායකවරයා අතර පැවති විශේෂ හමුවකදීය. ඒ සඳහා සහභාගී වී ඇත්තේ මහින්ද - මෛත්‍රී දෙදෙනා පමණි. ජනාධිපති අපේක්ෂකත්වය ගැන ඒකාබද්ධය තනිව තීන්දුවක් නොගන්නා බවද අවධාරණය කර ඇත. ඒ හැර ජිනීවා යෝජනාවේ ආදීනව රටට බලපාන ආකාරය සම්බන්ධවත් ජනපති හා විපක්ෂ නායකවරයා සාකච්ඡා කර තිබේ.