2019 මාර්තු 23 වන සෙනසුරාදා

ජවිපෙ - ටී.එන්.ඒ. නැති සන්ධානයක් අපි හදනවා - රාජිත සේනාරත්න

 2019 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 12:30 134

I හසිත් අංජන

ඉදිරි ජනාධිපතිවරණය සඳහා දෙමළ සන්ධානය සහ ජනතා විමුක්ති පෙරමුණ හැර සුළු පක්ෂ රැසකින් සමන්විත සන්ධානයක් ස්ථාපිත කරන බව එක්සත් ජාතික පෙරමුණේ ජ්‍යෙෂ්ඨයකු වන සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා දේශයට පැවසීය.

මෙම සන්ධානය ලබන මැයි මාසය පමණ වනවිට ස්ථාපිත කරන බවද හෙතෙම සඳහන් කළේය.

ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් කළ හැකි අපේක්ෂකයන් කිහිපදෙනකුම එජාපය තුළ සිටින බවත් නිසි අවස්ථාව ආ පසුව සැබෑ අපේක්ෂකයා කවුරුන්ද යන බව රටට හෙළි කරන බවත් ඒ මහතා පැවසීය.

දේශපාලන වේදිකාවල විවිධ ප්‍රකාශ සිදු කළද සෙසු පක්ෂ පවා තවමත් ජනාධිපතිවරණය සඳහා නිශ්චිත අපේක්ෂකයන් නම් කර නොමැති බවත් එබැවින් එජාපයේ තීරණය නිසි කාල වේලාවට නියමිත ආකාරයෙන් ප්‍රකාශ කරන සිදු කිරීමට බලාපොරොත්තු බවත් අමාත්‍ය රාජිත සේනාරත්න මහතා වැඩිදුරටත් පැවසීය.