2019 මාර්තු 23 වන සෙනසුරාදා

අරුවක්කාලු බැරිනම් කෙරවළපිටියත් බෑ - ඇමැති චම්පික

 2019 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 12:30 48

l දේශපාලන වාර්තාකරු

කොළඹ කුණු පුත්තලමේ අරුවක්කාලු කසළ අංගනයේ තැන්පත් කරන්නට ඉඩ නොදේනම් අප්‍රේල් මස 20 දින සිට කෙරවළපිටිය කසළ අංගනයට කුණු භාරගැනීම අත්හිටුවන බව නාගරික සංවර්ධන හා මහනගර සංවර්ධන අමාත්‍ය චම්පික රණවක මහතා ප්‍රකාශ කළේය.

කොළඹ කුණු ප්‍රශ්නය විසඳීම සඳහා පසුගිය රජය කාලයේ ආරම්භ කළ මෙම වැඩසටහන අමාත්‍ය චම්පික රණවකද ඉදිරියටම ගෙන ගියේය. එයට පුත්තලම ප්‍රදේශවාසීන්ගේ විරෝධය එල්ලවේනම් ඉදිරි කාලයේ කෙරවළපිටියටද කොළඹ කුණු භාරගත නොහැකි යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් කීය. දැනට කෙරවළපිටිය කසළ  අංගනයට දිනකට කොළඹ කුණු මෙට්‍රික් ටොන් 700 පමණ භාර ගැනෙයි.