2019 මාර්තු 23 වන සෙනසුරාදා

තවත් පළාත් සභා දෙකක් ඉරවයි

 2019 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 12:30 38

I දේශපාලන වාර්තාකරු

ලබන මස මුල සහ අග තවත් පළාත් සභා දෙකක නිල කාලය අවසන් වීමට නියමිතය. අප වෙත වා‍ර්තා වන ආකාරයට බස්නාහිර පළාත් සභාවේ නිල කාලය අප්‍රේල් 21 වැනිදාද, දකුණු පළාත් සභාවේ නිල කාලය අප්‍රේල් 9 වැනිදායින්ද අවසන් වීමට නියමිතය.

මීට පෙර මාස කිහිපයකදී තවත් පළාත් සභා හයක නිල කාලය අවසන් වූ අතර එහි මැතිවරණද වර්ෂ කිහිපයකින් කල් ගියේය. එසේම මේ වසර අවසානයේ ඌව පළත් සභාවේ නිල කාලයද අවසන් වීමට නියමිතව තිබේ. එහෙත් වසර අවසානයේ ජනාධිපතිවරණයක් පැවැත්වෙන නිසා එම පළාත් සභාවේ මැතිවරණයද කල්යනු ඇතැයි දේශපාලන විචාරකයෝ සඳහන් කරති.