2019 මාර්තු 23 වන සෙනසුරාදා

ආණ්ඩුවේ ජිනීවා කතාවට ටී.එන්.ඒ. විරෝධය

 2019 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 12:30 30

දේශපාලන වාර්තාකරු l

ජිනීවා මානව හිමිකම් සමුළුවේ පැවති ශ්‍රී ලංකාව සම්බන්ධ විවාදයේදී නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කොට උතුරේ ජනතාවට දේශපාලන විසඳුමක් ලබා දෙන බව රජයේ නියෝජිතයන් සඳහන් නොකිරීම ගැන දෙමළ සන්ධානය රජයට විරෝධය පළකිරීමට යයි.

කොළඹදී තම පක්ෂයට ආණ්ඩුව ලබාදුන් ප්‍රතිඥා අනුව විදේශ  අමාත්‍යවරයා හෝ වෙනත් රජයේ නියෝජිතයන් එහිදී ක්‍රියා නොකළ බව ජිනීවා ගොස් සිටින දෙමළ සන්ධාන මන්ත්‍රී එම්. ඒ. සුමන්දිරන් මහතා එරටදී චෝදනා කර ඇත. දෙමළ සංවිධාන ගණනාවක් සමඟ පැවති සාකච්ඡාවකදී ඔහු මෙම චෝදනාව නගා තිබේ. ජනාධිපතිවරයාට අවශ්‍ය ලෙස ආණ්ඩුව ක්‍රියා කළ බවද ඔහු පවසා ඇතැයි ජිනීවා නුවරින් ලැබෙන නවතම ආරංචි මාර්ග පවසයි.
මේ ගැන තමන් කොළඹට පැමිණි වහාම ආණ්ඩුව සමඟ සාකච්ඡා කරන බවද හෙතෙම ජිනීවාහිදී පවසා ඇත.