2019 මාර්තු 16 වන සෙනසුරාදා

පොහොට්ටුවේ ජනපති අපේක්ෂකත්වය : රාජපක්ෂවරු රහස් සාකච්ඡාවක

 2019 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 12:32 365

දේශපාලන වාර්තාකරු l

ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඒකාබද්ධ විපක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (පොහොට්ටුව) නියෝජනය කරමින් මැතිවරණ සටනට අපේක්ෂකයකු ඉදිරිපත් කිරීම සම්බන්ධව රාජපක්ෂ පවුලේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයන් තීරණාත්මක හමුවක් පවත්වා ඇත.

මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ විජේරාම නිවෙසේ පසුගිය බ්‍රහස්පතින්දා රාත්‍රී භෝජන සංග්‍රහයක්ද සමඟ මෙකී හමුව පැවැත්විණි. මහින්ද රාජපක්ෂ, චමල් රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ යන රාජපක්ෂ පවුලේ ජ්‍යෙෂ්ඨයන් මෙයට එක්වූ අතර බහුතර පාක්ෂිකයන්ගේ ඉල්ලීම අනුව ගෝඨාභය රාජපක්ෂ මහතා ජනපති ඡන්ද සටනට ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කර ඇත. එහිදී දිවයින පුරා මැතිවරණ සටන සංවිධානය බැසිල් රාජපක්ෂ මහතාට පවරා තිබේ. මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා මැතිවරණ රැලි ඇමතීම සඳහා දිවයින පුරා සංචාරය කිරීමටද සැලසුම් කෙරිණි. සංඛ්‍යාලේඛන ආශ්‍රයෙන් ඉදිරි ජනපති මැතිවරණයේ ජයග්‍රාහී අපේක්ෂකයා කවුද යන්න බැසිල් රාජපක්ෂ මහතා මෙකී හමුවේදී පෙන්වා දී තිබේ.

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:03
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:01