2019 මාර්තු 16 වන සෙනසුරාදා

අයවැය තීන්දුවට මා විරුද්ධයි - එස්.බී.දිසානායක

 2019 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 12:30 33

I ගයාන් ගාල්ලගේ

අයවැයට ඡන්දය ලබා නොදී සිටීම සඳහා පක්ෂයක් ලෙස ගත් තීන්දුවට තමන් විරුද්ධ බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා දේශයට පැවසීය.

ඒ නිසා අයවැය අවසන් ඡන්ද විමසීමේදී තම ඡන්දය ආණ්ඩුවට විරුද්ධව ප්‍රකාශ කරන බව හෙතෙම සඳහන් කළේය. ඇතැම් මන්ත්‍රීවරු එක්සත් ජාතික පක්ෂය සමඟ සාකච්ඡා කොට තීන්දු ගන්නට ඇතැයි තමන් සැකකරන බවද මන්ත්‍රීවරයා කීය.

කෙසේ වෙතත් ඡන්දය ප්‍රකාශ නොකර වැළකී සිටීමෙන් හෝ ඡන්දය ප්‍රකාශ කිරීමෙන් ලැබුණු තීන්දුව වෙනස් කළ නොහැකි බවත් ඒ නිසා පක්ෂයක් ලෙස ගත් තීන්දුවට අවනත වී කටයුතු කළ බවත් එස්.බී. දිසානායක මහතා පැවසීය.

 

 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:04
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 20 වන සෙනසුරාදා, ප.ව. 02:00